Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමාන්‍ය පෙළ පිළිතුරු ඇගයීමේ දෛනික දීමනාව ගැන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු පිරිනැමීමට තීරණයක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු පිරිනැමීමට තීරණයක්

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩි දුරක් ගෙවා පැමිණෙන උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට රුපියල් 2,000ක දෛනික දීමනාවක් ලබා දීමට කටයුතු කර තිබුණි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන රාශියක් දීපව්‍යාප්තව පිහිටුවා ඇති නිසා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට එවැනි ගැටලුවක් පැන නොනගින නමුත් ගුරු වෘත්තීය සංගම් විසින් පසුව කරන ලද ඉල්ලීම් සලකා බලා ඔවුන්ටද දින දෙකක රාජකාරී නිවාඩු ලබා දීමට කටයුතු කළ අතර ඊට අමතරව දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මේ වන විටත් ඉදිරිපත් කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උපාධිධාරීන් 5,400 දෙනකු අලුතෙන් ගුරු සේවයට බඳවාගන්නා බවත් ඉන් 1,700ක්ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බවත් නුදුරු දිනයකදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයක් පැවැත්වීමට නියමිත බවත්ය. එසේම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහායකයන් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයිද අමාත්‍යවරයා දී පැවසීය.

වැටුප් විෂමතා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර අතපසු වූ ඉගෙනුම් වැඩ පූරණය සඳහා අමතර කාලයක් උගන්වමින් වැඩි කැපවීමක් සිදු කිරීමට ගුරුවරුන්ගේ අවධානය යොමු නොවුණහොත් දරුවන්ට පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති විශ්වාසය පළුදු විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version