අසත්‍ය හා පදනම් විරහිත කරුණු දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අපහාස සිදු කිරීමේ පර්මාර්ථයෙන් කළ ප්‍රකාශවලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට රුපියල් කෝටි 1,000 එන්තරවාසි යවා තිබේ.
සති දෙකක් ඇතුලත එම වන්දි මුදල ගෙවන ලෙසත් එසේ නොමැති නම් අධිකරණයේ නඩු පවරන බවත් නීතිඥ සුනිල් වටගල දන්වා ඇත. ඊයේ (22) එම එන්තරවාසිය යවා ඇති අතර එය ලැබීමෙන් දින 14ක් ඇතුලත වන්දි ගෙවන ලෙස වැඩි දුරටත් දන්වා තිබේ