Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මොරගහකන්ද සි‌ඳී යට වූ ගම්මාන යළි මතුවෙයි

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යාම හේතුවෙන් යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවතී.

මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවීය. මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබේ.

ජලයෙන් යටගිය කොන්ගහවෙල රෝහල රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත දැක බලා ගැනීමට හැකිවී තිබේ.

අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගග ද දර්ශනයවේ.

Exit mobile version