Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාල‍ය තුළ (22)වැනි දා අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

ධීවර කාර්යාලයේ දෙවැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න පැතිරෙනවාත් සමඟම ඒ අසල පිහිටි තංගල්ල පොලීසියේ නිළධාරීන් දැක වහා ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කොට තිබේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පලකරයි.

Exit mobile version