Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වියළි කාලගුණය හේතුවක් කරමින් වී මෝල් හිමියන් තොග සඟවා සහල් මිල ඉහල දැමීමේ උත්සාහයක

මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මෙරට පවතින වියළි කාලගුණ තත්ත්වය හා යල කන්නයේ අස්වැන්න යම් ප්‍රමාණයක අඩු වීමත් සමග මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

මෙරට පුද්ගලික අංශය සතු සහල් තොග සම්බන්ධව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් රජය විමසීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවමත් ලබා දී නැති බවට ද හෙළිවී තිබේ.

මේ අතර ඇතැම් ගොවීන් වියළි කාලගුණ තත්ත්වය බරපතල වේ යැයි බියෙන් සිය වී තොග අලෙවි නොකර නිවාස වල ගබඩා කරගෙන සිටින බව ද හෙළි වී ඇත.

මේ වන විට මෙරට ආනයනික සහල් තොග ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ මහතා සඳහන් කරන්නේ නියගය නිසා අස්වැන්නේ යම් අඩුවීමක් වුවත් විශාල අර්බුදයක් පැන නොනගිනු ඇති බවයි.

පසුගිය කන්නවල වී අස්වැන්න නිසා ඉදිරි මාස 10ක පමණ කාලයට ප්‍රමාණවත් සහල් තොග රට තුළ පවතින බවද හෙතෙම සඳහන් කර ඇත.

ඉන්දියාව සහල් නිෂ්පාදනය අපනයන නතර කර තිබීමෙන් ලෝකයේ සහල් ඉල්ලුම ඉහළ යාමත් මීට හේතු කරගෙන ඇත.

Exit mobile version