Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව (17) සිට කියාත්මක වන පරිදි සතොස මෙලෙස භාණ්ඩ වර්ග 09ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 970කි.
එසේම සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1160කි.

මේ අතර භාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 675ක් වන අතර එය රුපියල් 15කින් පහළ දමා ඇත.

දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 350ක්, අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මිල පහල දමා ඇති අතර එම භාණ්ඩ සියල්ල රුපියල් 05කින් මිල අඩුකර ඇත.

රතු කැකුළු සහල් කිලෝ එකක නව මිල රුපියල් 147ක් වන අතර එහි මිල ගණන් රුපියල් 2කින් පහළ දැමීමට පියවර ගෙන ඇත.

Exit mobile version