Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් නොවේ – සාගර කාරියවසම්

13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් නොවේ - සාගර කාරියවසම්

13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් නොවේ - සාගර කාරියවසම්

මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා (14) පැවසීය.

බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්වෙලා සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කී සාගර කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ජනතාව ආර්ථික ගොඩනැගීම බලාපොරොත්තු වන බවත්ය.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව කී කාරියවසම් මහතා රටක් වැටිලා තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න බවද සඳහන් කළේය.

අස්ථාවර රටක් තුළ විවිධ කරුණු කාරණා කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බවද වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version