Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් – සජිත්

රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් - සජිත්

රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් - සජිත්

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට රජය කටයුතු කළ හැකි බවත් සක්වල වැඩසටහන යටතේ අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ සුදුවට එරෙහිව නැගී සිටින බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට කෙලෙසකින්වත් ඉඩ නොදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂනායකවරයා කීවේය.

Exit mobile version