Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“SriLankan Cargo” විශිෂ්ටතම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස සම්මාන ලබයි

"SriLankan Cargo" විශිෂ්ටතම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස සම්මාන ලබයි

"SriLankan Cargo" විශිෂ්ටතම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස සම්මාන ලබයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), පසුගියදා පැවති 2023 ‘ඉන්දියා කාගෝ අවෝඩ්ස්’ (India Cargo Awards) හිදී විශිෂ්ටතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල යන විරුදාවලිය ලත් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ පැහැදිලි විනිවිදභාවයකින් යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තුළිනි.

ඉන්දියාවෙන් පිටතට වැඩිම ගුවන් ගමන් වාර ගණනක් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක් වශයෙන්, ප්‍රධාන කාර්යසාධන දර්ශක අතින් අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සේවාවන් අභිභවා යමින් මෙම සම්මානයට හිමිකම් කීමට ශ්‍රීලංකන් කාගෝ සමත් විය.

ශ්‍රීලංකන් කාගෝ මේ වනවිට ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි යන නගරවල සිට, කොළඹ ඇතුළු විදෙස් නගර රැසක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට සතියකට ගුවන් ගමන් වාර 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් කාගෝ, ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක් වී වෙනත් කාර්ය සම්පාදන සේවාවන්ද පිරිනමන බැවින්, එය ඉන්දියාවේ භාණ්ඩ සැපයුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබේ. පසුගිය මූල්‍ය වර්ෂය තුළ පමණක් ශ්‍රීලංකන් කාගෝ ඉන්දියාවේ සිට විදේශ රටවලට ප්‍රවාහනය කළ භාණ්ඩවල මුළු බර මෙට්‍රික් ටොන් 10,000 කට ආසන්නය.

Exit mobile version