Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් සතියේ වැඩකරන දින 5 තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කරයි

සියලුම ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් සතියේ වැඩකරන දින 5 තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කරයි

සියලුම ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් සතියේ වැඩකරන දින 5 තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කරයි

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව ක්ෂේත්‍රගත රාජකාරි සිදුකරන සෑම රජයේ නිලධාරියෙකුම සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කර තිබේ.

මේ සඳහා සාමාන්‍ය රජයේ නිලධාරීන්ගේ කාර්යාල වේලාවන් අදාළ වන බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් පැමිණීම සනාථ කළ යුතු බව ත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

එම නිලධාරීන් සතියේ සඳුදා හා බදාදා යන දිනවල තම සේවා ස්ථානයේ රැඳී සිටිය යුතු බවද එමගින් උපදෙස් ලබා දී තිබේ.

සතියේ ඉතිරි දින තුන ක්ෂේත්‍රයට යාමට පෙර තම කාර්යාලයට වාර්තා කොට විධිමත් පරිදි බැහැර යාමේ ලේඛනය මඟින් නම් කරනු ලැබූ මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුමැතිය ලබාගත යුතු බවද දැනුම් දී ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සුදුසු පරිදි අනුමත කිරීම් සිදුකිරීමට පත්කර ඇති මෙම මාණ්ඩලික නිලධාරීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් බලය පැවැරිය යුතු බවද සඳහන් කර තිබේ.

ඉතා කලාතුරකින් නොවැළැක්විය හැකි අවස්ථාවකදී පමණක් බලධාරියා පෞද්ගලිකව සෑහීමකට පත්වන්නේ නම්, පෙර දිනයේ රාජකාරි නිවාඩු අනුමත කරගත හැකි බවත්, ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බවත් එමගින් දන්වා ඇත.

Exit mobile version