Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට යන අමායා

ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට යන අමායා

ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට යන අමායා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළුකෝට්ටගේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවක් වූ ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීම විශේෂත්වයකි.

ජාතික පුහුණුකරු වන පුහුණුකරු රංජන තරංග මහතා යටතේ පුහුණුවීම් කරන ඇය ගෝල්ඩ් කෝස්ට් සහ බර්මින්හැම්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇය 2021 බංගලිදේශයේ පැවති මධ්‍යම දකුණු ආසියානු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමේ නායිකාව වූවාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක නිශාන්ති විදානගේ මහත්මියට, විදුහල්පති ආර්.ඒ.එම්.ආර්. හේරත් මහතා සහ සියලු ගුරුවරුන්ට, ජාතික ජිම්නාස්ටික් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වන බව ඇය සඳහන් කරන්නීය.

Exit mobile version