Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණය 200%ක වර්ධනයක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර දෙපාර්තමේන්තුව

2023 ආරම්භයත් සමගම දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ සියයට දෙසියකින් සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දැනට බන්ධනාගාරවල රඳවා සිටින සමස්ත රැඳවියන් 29000ක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් රැදවිය හැකි ප්‍රමාණය 13241 වුවත්, දැනට බන්ධනාගාර ආයතන වල රැදවියන් 19000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සැක කරුවන් ලෙසත්, 10000 ක‍ට ආසන්න ප්‍රමාණයක් සිර කරුවන් ලෙසත්, රඳවා සිටින බව හෙතෙම පැවසීය.

ඒ අනුව, සමස්ථ බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැදවියන්ගේ තදබදය හා බන්ධනාගාර ගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යන බවද හෙතෙම පැවසීය.

Exit mobile version