Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 10ක් තුළ අලි ඇතුන් 6,000ක් මරලා

වසර 10ක් තුළ අලි ඇතුන් 6,000ක් මරලා

වසර 10ක් තුළ අලි ඇතුන් 6,000ක් මරලා

ගෙවී ගිය වසර 10ක කාලය තුළ වාර්තා නොවූ සිදුවීම්ද සමඟ අඩුම තරමින් අලි ඇතුන් 6,000ක්වත් මරා දමා ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදය පවසයි.

ඉතිරි අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එම සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය වසර 10 තුළ පමණක් වනඅලි 4,000කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒ අතරින් ඇතුන් 40ක් පමණ පසුගිය වසර 10 තුළ මියගිහින් තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. වාර්තා නොවන අනෙක් සෙසු අලි ඝාතන සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමේ දී අපිට පෙනී යනවා අඩු කරමින් ගෙවී ගිය අවුරුදු 10 ඇතුළත අලි ඇත්තු 6,000ක් වත් මේ ලංකාව ඇතුළත මරා දමා තිබෙන බව. මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමස් පෙට්ටියේ තියෙනවා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සකස් කළ අලි මිනිස් ගැටුම විසඳීමේ ඉතාම ප්‍රායෝගික වැඩ සැලැස්මක්. විද්‍යාත්මකව සකස් කළ මේ වැඩපිළිවෙල වහාම භූමියේ යථාර්ථයක් බවට පත්කරන්න කියලා අපි ඉල්ලනවා. මේ තත්ත්වය නතර කරන්න අලි මිනිස් ගැටලුම විසඳන අලුත් වැඩපිළිවෙලට යන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.”

Exit mobile version