Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450ක් – ජාතික පොලිස් කොමිසම

DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ගැසට් නිවේදනයක්

DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ගැසට් නිවේදනයක්

මෙම වසරේ ගතවූ කාලය තුළ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි 11,450ක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.

ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයටයි. ඉතිරි පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී තිබේ.

මේ වන විට පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට විසඳුම් ලබා දී අවසන් බවයි පැවසෙන්නේ.

පොලිස් කොමිසම පැවසුවේ පැමිණි විභාග නොකිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවයි.

පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව 1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

Exit mobile version