Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විනය විරෝධී හැසිරීම නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරග තහනමක්

විනය විරෝධී හැසිරීම නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරග තහනමක්

විනය විරෝධී හැසිරීම නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරග තහනමක්

විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රිට් කොවුර්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පනවා තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් දැවී යාමෙන් පසු විනිසුරුගේ තීරණයට විරෝධය පළ කරමින් සිය කඩුල්ලට, පිත්තෙන් පහර දීම ඇයට ‍එල්ල වී ඇති චෝදනාව වේ.

එම වරද විනය නීති සංග්‍රහයේ දෙවැනි මට්ටමේ වරදකි. ඒ අනුව, ඇයට තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණු 3ක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.

එමෙන්ම, හර්මන්ප්‍රිට් එම තරාගවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේදී ද විනිසුරුවරයා විවේචනය කර තිබේ.

තරගාවලියේ ශූරතාව සම සේ බෙදීයාම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන්ගේ සමූහ ඡායාරූ‍පය ගැනීමේ අවස්ථාවේ දී ඇය විනය විරෝධී ලෙස හැසිරී ඇත.

ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක දඬුවම් ලකුණු 4ක් ලබා ගතහොත් ඔහුට හෝ ඇයට ටෙස්ට් තරගයක් හෝ සීමිත පන්දුවාර තරග දෙකක් තහනම් කෙරේ.

ඒ අනුව, හර්මන්ප්‍රිට්හට එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙළේ ඉන්දියාව සහභාගී වන ප්‍රථම තරග දෙක අහිමි වනු ඇත.

Exit mobile version