Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මෙරට විදේශ විනිමය සංචිත මට්ටම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඒ අනුව 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා හෝ සීමා කර තිබූ විදේශ විනිමය ප්‍රේෂණ ලිහිල් වනු ඇති.

මෙම නව නියමයන් ජූනි 28 වැනිදා සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව සංක්‍රමණික දීමනාවක් සඳහා පළමු වරට හිමිකම් කීමේදී පනවා තිබූ අමෙරිකානු ඩොලර් 30,000ක උපරිම සීමාව, අමෙරිකානු ඩොලර් 50,000ක් දක්වා ඉහළ නංවා තිබේ.

සංක්‍රමණික දීමනාවක් සඳහා පළමු වරට හිමිකම් පෑමෙන් පසුව සිදුකරන හිමිකම් පෑම් සඳහා පනවා තිබූ අමෙරිකානු ඩොලර් 10,000ක උපරිම සීමාව අමෙරිකානු ඩොලර් 20,000ක් දක්වාත් ඉහළ නැංවිය.

සංක්‍රමණිකයින්ගේ වර්තන හෝ සමුච්චිත වර්තන ආදායම් ප්‍රේෂණය කිරීමේදී පනවා තිබූ අමෙරිකානු ඩොලර් 30,000ක උපරිම සීමාව ඉවත් කර තිබේ.

මේ ඇතුළු තවත් සීමාවන් කිහිපයක් ලිහිල් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

Exit mobile version