Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තල් යුෂ පානය පාසල් දරුවන් සහනදායී මිලකට

තල් යුෂ පානය පාසල් දරුවන් සහනදායී මිලකට

තල් යුෂ පානය පාසල් දරුවන් සහනදායී මිලකට

තල් ආශ්‍රිතව සිදුකරන අගය එකතු කරන ලද නිෂ්පාදනයක් වන ‘තල් යුෂ පානය’ (තල් බීම) ඉදිරියේදී පාසල් සිසුන් අතර ප්‍රචලිත කරන බව තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව තල් යුෂ පානය පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සහනදායී මිලක් යටතේ ලබාදීමට එම මණ්ඩලය බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

බොහෝ පාසල් සිසුන් මේ වන විට විවිධ පැණි බීම වර්ග භාවිතයට යොමුව ඇති නමුත් එය සෞඛ්‍යයට අහිතකර බවත්, සෞඛ්‍යමය ප්‍රතිලාභ හා රසවත් බව අතින්ද ඉහළ මට්ටමක පවතින මෙම තල් යුෂ පානය පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම මගින් පාසල් සිසුන් එවැනි නිෂ්පාදන වෙත නැඹුරුවීම වළක්වා ගත හැකි බවද තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

Exit mobile version