Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගත වූ මාස 06 තුළ දිවයින පුරා වැටලීම් 20,121ක්

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ගත වූ මාස 06 තුළ දිවයින පුරා වැටලීම් 20,121ක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම වැටලීම්වලදී පුද්ගලයින් 20,121ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 2687ක්ද සිටින බව සඳහන්.

ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ 16,726ක් වැටලීම් සිදු කර තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිසට නඩු පැවරීමෙන් පසුව මිලියන 82ක් දඩ මුදල් ලෙස පනවා ඇති බව සඳහන්.

මෙම වැටලීමවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මහජනතාව විසින් 1983 හරහා දැනුම් දුන් තොරතුරු මත බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

Exit mobile version