Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Sinopec සමඟ ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹෙයි

Sinopec සමඟ ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹෙයි

Sinopec සමඟ ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාව තුල ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කිරීම හා ඉන්ධන බෙදා හැරීම සඳහා Sinopec සමඟ BOI ගිවිසුමකට එළඹෙයි.

Sinopec Energy Lanka (පුද්) සමාගම සහ ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා (14) ජූලි, 2023) දින ගිවිසුමක් අත්සන් කර ඇත. Sinopec විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වේ. මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කෙරේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව Sinopec Energy Lanka ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මඟින් ඉඩ ලබා දේ.

Exit mobile version