වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට ප්‍රතිරෝධී නව පොල් ප්‍රභේදයක් හඳුනා ගත් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය පවසයි.
එහි වගා සංරක්ෂණ අංශයේ ප්‍රධානී රොෂාන් ද සිල්වා මහතා සඳහන් කළේ, එම ප්‍රභේදය ලබන වසරේ ක්ෂේත්රයට මුදා හරින බවයි.
වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මුල් වරට මෙරටින් හඳුනා ගත්තේ 2006 වසරේදීය. රෝගය වැළඳුණු දකුණු පළාතේ පොල් ගස් තුන් ලක්ෂ 60000ක් කපා දැමීමට සිදුවිය.
රොෂාන් ද සිල්වා මහතා පැවසුවේ, මේ වනවිට රෝගය ව්‍යාප්ත වූ ප්‍රදේශවල පාලන කටයුතු සාර්ථක වී ඇති බවයි.