Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක්

හිටපු පොලිස්පති වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

හිටපු පොලිස්පති වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බවය.

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර (09) දිනයේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

Exit mobile version