Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපිට බොරු හීන දෙන්න එපා – කාදිනල් හිමිගෙන් ජනාධිපතිට ප්‍රහාරය්

ගෝඨාභයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

ගෝඨාභයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

කොළම වරාය විදේශිකයන්ට විකුණමින් 2048දී රට සංවර්ධනය කරන බවට ජනතාවට සිහින මවා නොදෙන ලෙසට (02)වැනි දා පැවති දේව මෙහෙයකට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවධාරණය කරනු ලැබූහ.

එහිදී කාදිනල් හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ “අපිට බොරු හීන දෙන්න එපා ජනාධිපති තුමා. 2024 වෙනකල් මෙහෙම ගියොත්නම් මේ රට විනාශවෙනවා. 20%ක් ජනතාව රටේ සම්පත් ඔක්කොම අරගෙන 80%ක් ජනතාවට එකවේලක්වත් හොයාගන්න බැරුව ඉන්නේ.

කොළඹ වරාය දික්ඕවිටට දික්කරණවාලු. දැන් තියෙන වරායවත් පාලනය කරගන්න බැරිව එක් එක රටවල්වලට විකුණනවා. වරාය කොටස් විකුණ විකුණා දැන් සැලසුම් සකස් කරන්නේ දික්ඕවිටට එන්න. මොනවද මේ මනුස්සයා දකින හීන. මොකක්ද මේ ඉලක්කය. මුලු මුතුරාජවෙලම විනාශ කරලා පිටරැටියන්ට මේවා විකුණලා මේවායෙන් හම්බකරගෙන කාලා, බීලා, ජොලි කරලා ඊට පස්සේ ඒගොල්ලෝ මැරිලා යාවි. රටේ මිනිස්සුන්ට රොඩු විතරයි ඉතිරිවෙන්නේ. මේ ක්‍රමවේදය තුළ මෙහෙම කරන්න දෙන්න බැහැ.” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කරනු ලැබූහ.

කිතුනු පියතුමන්ලා විශාල පිරිසක් එම ආගමික අවස්ථාවට සහභාගී වී සිටියහ.

එම වීඩියෝව පහතින්,

Exit mobile version