Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජුනි මස 30වනදා කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

ජුනි මස 30 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

මේ අතර මේ මස (30) වැනිදා බැංකු නිවාඩුවක් දී තිබුණද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ATM බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

එම බැංකු කටයුතු ඇතුළුව සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් දින කිහිපය තුළ සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලටද කිසිඳු බාධාවක් නොමැති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල රටේ ජනතාවගේ තැන්පත් මුදල් වලට සහ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

Exit mobile version