Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන උපයෝගීතා කොමිසමට නව සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසමට නව සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසමට නව සභාපතිවරයෙක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (22)වන දා රැස්වූ අවස්ථිවේදී ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් කිරීමට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පසුගියදා යෝජනා කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා පසුගියදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.

ඔහු එම තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය මැයි මස 24වැනිදා සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව එහිදී ඡන්දය ප්‍රකාශ කළහ.

Exit mobile version