Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 6කට වරක් සීගිරිය සංචාරක කලාපයෙන් ප්ලාස්ටික් බෝතල් මිලියනයක් ඉවත් කරයි

මාස 6කට වරක් සීගිරිය සංචාරක කලාපයෙන් ප්ලාස්ටික් බෝතල් මිලියනයක් ඉවත් කරයි

මාස 6කට වරක් සීගිරිය සංචාරක කලාපයෙන් ප්ලාස්ටික් බෝතල් මිලියනයක් ඉවත් කරයි

මාස 6කට වරක් සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන ජනතාව විසින් තැන තැන දමා යන ප්ලාස්ටික් බෝතල් මිලියනයක් පමණ ඉවත් කිරීමට සිදුව ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ අනුව වසරකට ඉවත් කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය මිලියන දෙකක් පමණ වන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසුවේ.

ඒවා එක්රැස් කර බැහැර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බව සඳහන්.

දේශීය සංචාරකයින් සංචාරක ස්ථාන ආශ්‍රිතව වගකීමෙන් කටයුතු කරන්නේ නම් සිදුවන පරිසර හානිය අවම කිරීමට සහා පවිත්‍ර කිරීමට වැය වන මහජන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පෙන්වාදෙන්නේ.

Exit mobile version