Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මි. 200ක පාඩුවක්

පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මිලියන 200ක පාඩුවක්

පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මිලියන 200ක පාඩුවක්

විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ සේවය අතහැර යෑම හේතුවෙන් (ගිවිසුම කඩ කිරීම නිසා) රුපියල් කෝටි 20 කට (මිලියන 200) වැඩි පාඩුවක් රජයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 46 දෙනෙක් මේ වසරේ මේ දක්වාද පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර ගොස් සිටිති.

මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම මුදල් අය කර ගැනීමට කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසයි.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රජයේ වියදමින් පුහුණුවට ගොස් මෙසේ සේවය හැර යෑම විශාල ඛේදවාචකයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වාදෙති.

Exit mobile version