Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජුනි මස සිට විදෙස් ගමන් බලපත්‍රය දින 3කින් තැපෑලෙන් නිවසටම

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා (18)වැනි දා ප්‍රකාශ කර ඇත.

දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සළකුණු ලබා දී මුදල් මාර්ගගත ක්‍රමයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට කාර්යය පහසුවෙන් ඉටු කරගත හැකි බවයි.

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බවට ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Exit mobile version