Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරකට රුපියල් කෝටි 3000ක වගා විනාශ කරන ලංකාවේ රිලව්…

වසරකට රුපියල් කෝටි 3000ක වගා විනාශ කරන ලංකාවේ රිලව්...

වසරකට රුපියල් කෝටි 3000ක වගා විනාශ කරන ලංකාවේ රිලව්...

රිළවුන් ගෙන් වාර්ෂිකව වන වගා හානියේ වටිනාකම රුපියල් මිලියන 31,000 ඉක්මවන බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ඇස්තමේන්තු වාර්තාවලින් අනාවරණය වී තිබේ. මේ නිසා මෙම රිළාගහනය පාලනය කිරීමට හොඳින් හෝ නරකින් යම් වැඩ පිළිවෙළක් රජය වශයෙන් අනුගමනය කරන්නට සිදුවන බව කෘෂීකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධව සොයා බැලීම සඳහා ඇමැතිවරයා පසුගියදා එහි සංචාරයක නිරත වූ අවස්ථාවේදී එම කර්මාන්ත කරුවන් අමැතිවරයාට පෙන්වා දී ඇත්තේ රිළවුන් විසින් සිදු කරන හානිය නිසා එහි බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් දහස් ගණනක් විසින් මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන අතර රිලවුන් රා මුට්ටි විනාශ කරන බවත් මෙම කර්මාන්ත කරුවන් එහිදී අමාත්‍ය වරයාට පෙන්වා දී ඇත.

Exit mobile version