Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිම්මල් සම්බන්ධයෙන් චීන තානාපති කළ ඉල්ලීම

බිම්මල් සම්බන්ධයෙන් චීන තානාපති කළ ඉල්ලීම

බිම්මල් සම්බන්ධයෙන් චීන තානාපති කළ ඉල්ලීම

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොං මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙරට බිම්මල් විශේෂ ගණනාවක් ඇති නමුත් වානිජ මට්ටමෙන් වගා කළ හැකි බිම් මල් විශේෂ වනුයේ පිදුරු බිම් මල් (Volvariella volvacea), බොත්තම් බිම් මල් (Agaricus bisporus), මුතුබෙලි හතු(Pleurotusostreatus), Shitake බිම් මල් (Lentinus edodes) හා Abaloni බිම් මල් (Pleurotus cystidiosus) වැනි වර්ග කිහිපයකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට බිම්මල් වගාව සිදු කෙරෙන නමුත් බොහෝ ගොවීන් වගා කරනුයේ බිම්මල් වර්ග දෙකක් හෝ තුනක් වැනි සුළු ප්‍රමාණයකි. නමුත් මිනිස් පරිභෝජනයට සුදුසු ඉහළ පෝෂණීය ගුණයක් ඇති බිම්මල් විශේෂ 29ක් පමණ ඇති බවත්, චීනයේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන බිම්මල් ආහාරයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට පියවර ගත යුතු යැයි චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.

දැනට හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන ජාතිකයින් විශාල පිරිසක් සිටින නිසා බිම්මල් වගා කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයා ගත හැකිවද ඇත.

එමනිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිම්මල් වගාව දැනට වඩා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

බිම්මල් වගාව හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු සහයෝගයන් චීන රජය මගින් ලබාදීමට සූදානම් යැයි තානාපතිතුමන් සඳහන් කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version