Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාවයි – පුබුදු ජයගොඩ

දැවැන්ත සීනි බදු වංචාවක් ගැන පුබුදු ජයගොඩගෙන් හෙළිදරව්වක්

දැවැන්ත සීනි බදු වංචාවක් ගැන පුබුදු ජයගොඩගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බවද කී ඒ මහතා මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6ක් ඉදිරිපත් වී ඉන් එක සමාගමක් ඖෂධයක් සදහා ශත 19ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බවද සඳහන් කරයි.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බව කී ජයගොඩ මහතා පැවසුවේ දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවත්ය.

Exit mobile version