Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වකුගඩු ජාවාරම් චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම අත්හිටුවයි

ලෝක ජනගහනයෙන් මිලියන 850ක් ගොදුරු වී ඇති වකුගඩු රෝගය ඒ අනුව මෙලෙස ප්‍රථම වරට වාර්තා වූ රෝගීන්ගෙන් 75%ක් පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර, ඔවුන්ගෙන් 60%-65% අතර ප්‍රතිශතයක් සෙමවල විෂබීජ සහිත රෝගීන් වන බවයි වාර්තා වී ඇත්තේ. මේ අතර ක්ෂය රෝග මරණ සම්බන්ධයෙන් මෙරට සතු අවසන් දත්ත වාර්තාව වන 2023 වසරේ වාර්තාව අනුව එම වසරේදී පුද්ගලයන් 733 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. එය සමස්ත රෝගීන්ගෙන් 7.9%ක ප්‍රතිශතයක් වන බවත්, ක්ෂය රෝග මරණ ඉහළ යමින් පවතින බවත් ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කරනවා. එළඹෙන 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ වයස අවුරුදු 55 ට ඉහළ කාණඩය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළ බවයි.

ලෝක ජනගහනයෙන් මිලියන 850ක් ගොදුරු වී ඇති වකුගඩු රෝගය

වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහල පිළිබඳ පරීක්ෂණ නිමවනතුරු එම රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම අත්හිටු වීමට සත් දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට (04) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් අබෲ මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ මේ සම්බන්ධ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වයෙන් මෙම මස 8වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරින.මෙම රිට් පෙත්සම මෙම මස 10වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එම්.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

Exit mobile version