Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වකුගඩු ජාවාරම් චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම අත්හිටුවයි

වකුගඩු ජාවාරම් චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම අත්හිටුවයි

වකුගඩු ජාවාරම් චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම අත්හිටුවයි

වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහල පිළිබඳ පරීක්ෂණ නිමවනතුරු එම රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම අත්හිටු වීමට සත් දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට (04) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් අබෲ මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ මේ සම්බන්ධ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වයෙන් මෙම මස 8වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරින.මෙම රිට් පෙත්සම මෙම මස 10වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එම්.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

Exit mobile version