Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් පැය 48කට වඩා වැඩි උණක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

එමෙන්ම තමන් පෙළෙන රෝගය පිළිබඳව ජනතාව තමන්ගේම නිගමනවලට එළඹිය යුතු නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ.

මේ වන විට ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 30 000ක් පමණ වාර්තා වී තිබේ. ඒ අතරින් සියයට 50ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි.

කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.

ආසියාවේ ඉන්දියාව, වියට්නාමය, සිංගප්පුරුව වගේ රටවල්වල කොවිඩ් රෝගීන් දිනපතා වාර්තා වන අතර අපේ රටෙත් දිනකට රෝගීන් 05ක් 06ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටිනවා.

මේ දිනවල පැතිර යන නිසා උණ රෝගී තත්වයන් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලින් කොවිඩ් වෙන්කර හදුනා ගත යුතු බවත් පසුගිය කාලයේ පිළිපැදි ක්‍රමවේද නැවත අනුගමනය කල යුතු බවත් දන්වා සිටිනවා.

සෙනග ගැවසෙන ස්ථානවලට යාමේදී මුව ආවරණ පැළදීම සිදු කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

Exit mobile version