Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ විභාග විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බවටත්, තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවටත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට තවදුරටත් අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

මේ යටතේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව ගුරුවරුන්ගෙන් මෙම අයැදුම්පත් කැඳවෙනු ඇති.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ට ද ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Exit mobile version