Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට

යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු (03)වැනි දා පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරෙනු ඇති අතරම, ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමටද කටයුතු යොදා තිබේ.

දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබෙන බවත්, ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබාදී ඇත.

Exit mobile version