Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබන මැයි මස 31වනදා දක්වා යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මහජනතාවට, සිවිල් සංවිධානවලට තම යෝජනා හා අදහස් යොමු කිරීමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා justicemedia07@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව සඳහන්.

එම යෝජනා හා අදහස් සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version