Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවාරයේ ශ්‍රිපාද වන්දනා සීමා කිරීමට ඉල්ලිමක්

අවාරයේ ශ්‍රිපාද වන්දනා සීමා කිරීමට ඉල්ලිමක්

අවාරයේ ශ්‍රිපාද වන්දනා සීමා කිරීමට ඉල්ලිමක්

අවාරයේ ශ්‍රිපාද වන්දනා කරන සමහරුන් ශ්‍රිපාද වන්දනා මාර්ගවල ජල නළ, වැසිකිළි සහ අම්බලම් ඇතුළු පොදු පහසුකම්වලටත් පරිසරයටත් හානි සිදු කරන නිසා රාජ්‍ය අනුමැතියකට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රිපාද වන්දනා කිරිමට අවසර ලබාදි සෙසු අයට අවාරයේ ශ්‍රිපාද වන්දනාව තහනම් කිරිමට පියවර ගන්නා ලෙස ශ්‍රිපාදස්ථාණාධිපති, ඌව වෙල්ලස් විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලිමක් කළහ.

මෙවර ශ්‍රිපාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කිරීමේ විශේෂ පෙරහැර සංවිධානය කටයුතු පිළිබඳව (18) පැවැති උත්සවයක දී කුලපති හිමියන් මෙම අදහස් පළ කර ඇත.

පර්‍යේෂණ නිබන්ධන ඉදිරිපත් කිරිම, අධ්‍යාපන කටයුතු කිරිම, පොත්පත් ලිවිම වැනි කටයුතු සදහා අවාරයේ ශ්‍රිපාද වන්දනා පැමිණෙන අයට ඒ සදහා අවස්ථාව ලබදිය යුතු බවත් ශ්‍රිපාදස්ථාණාධිපති නාහිමියෝ පැවසුහ.

විදේශ සංචාරකයන් සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවත් උන්වහන්සේ සදහන් කළහ.

Exit mobile version