Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලක විශේෂ කූඩු වර්ගයක්

රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලක විශේෂ කූඩු වර්ගයක්

වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීමට පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කළත් තම වගා බිම්වලට රිලවුන් ඇතුළු අනෙකුත් සතුන් කරන හානියට ඔවුන් සතුව විසඳුම් නැති බවත් ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කෙසේ වුවද චීනය විසින් රිලවුන් සත්වෝද්‍යාන වලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇත. එම කූඩු භාවිතා කිරීම සඳහා රිලවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමටද නියමිතය.

Exit mobile version