Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියාව සහ උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්

රුසියාව සහ උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්

රුසියාව සහ උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්

රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

කසකස්තානයේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන මධ්‍යස්ථානයේ දී මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බැලූ බව රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අනෙකුත් උපකරණයන්ගේ ක්‍රියාකාරීත්වය අත්හදා බැලීමට මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කළ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

තාක්ෂණික විසදුම් හා නව උපාය මාර්ගයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර උතුරු කොරියාව නව වර්ගයේ බැලැස්ටික් මිසයිලක් අත්හදා බලා තිබෙනවා.

ඒ අනුව මෙය අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදු කරන ලද තහනම් අවි අත්හදා බැලීම් මාලාවක නව අවස්ථාවක් වනවා.

උතුරු කොරියාව මෙම වසරේ බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල කිහිපයක් මේ වන විටත් අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජපානය පැවසුවේ මිසයිලය රටේ භූමිය තුළට වැටී නොමැති බවයි. එමෙන්ම මිසයිලය කිලෝමීටර් 1,000ක් දුරක් පියාසර කළ අතර එය “මධ්‍යම දුර හෝ දිගු” බැලස්ටික් මිසයිලයක් ලෙස අනාවරණය කරගත් බවයි සෝල් හමුදාව ප්‍රකාශ කළේ.

Exit mobile version