Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව වන්දි අයකර ගැනීම සදහා වන අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට අල්ලස් ලබා දී ඇතැයි ලැබුණු තොරතුක් මත ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන අරඹන්නැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට ඇමෙරිකා ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දුන් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

එම මුදල ලන්ඩනයේ බැංකු ගිණුමකට නෞකාවේ රක්ෂණ සමාගමක් මගින් බැර කර ඇති බවටද තොරතුරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව එම තොරතුරුවල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

Exit mobile version