Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාව ජගත් මහ ලේකම්වරයා සම්බන්ධයෙන් හොර රහසේ කරුණු එක්රැස් කරලා

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ කඩිනම් සටන් විරාමයක් ජගත් මහ ලේකම් යළිත් ඉල්ලයි

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ කඩිනම් සටන් විරාමයක් ජගත් මහ ලේකම් යළිත් ඉල්ලයි

ඇමෙරිකාව ජගත් සංවිධාන මහ ලේකම්වරයා සම්බන්ධයෙන් හොර රහසේ කරුණු එක්රැස් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඇමෙරිකාවේ පෙන්ටගනය සතු රහස් ලිපිගොනු රැසක් අන්තර් ජාලයට මුදා හැර ඇති අතර එම ලිපිගොනු වල මේ බව සටහන් වනවා.

ජගත් සංවිධාන මහලේකම් ඇන්ටොනියෝ ගුටරෙස් රුසියාවට පක්ෂපාතව කටයුතු කරන බවට එම ලිපිගොනු වල සටහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇන්ටොනියෝ ගුටරෙස් හා ජගත් සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන් අතර සිදු වු සාකච්ඡා සම්බන්ධයෙන්ද එම ලිපිගොනු වල කරුණු අන්තර් ගත වනවා.

Exit mobile version