Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට අනුමැතිය

නව තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට අනුමැතිය

නව තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට අනුමැතිය

නව තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මේ අනුව ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමටද එම්.එම්. නයීමුඩීන් මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද අනුමැතිය ලබාදී ඇත.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී (04) රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

Exit mobile version