Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ලංකාව 10වන ස්ථානය දක්වා පහළට

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ලංකාව 10වන ස්ථානය දක්වා පහළට

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ලංකාව 10වන ස්ථානය දක්වා පහළට

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහත බැස තිබේ. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව මේ බව සදහන් කෙරේ.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 54%ක් ලෙස එම වාර්තාවේ දක්වා ඇත. ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසය වන විට ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් 5 අතර සිටියේය.

ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට බවට ලෙබනනය පත්ව ඇති අතර එහි අගය 139%කි.

මීට අමතරව ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාව අනුව දෙවන ස්ථානයේ සිම්බාබ්වේ සහ තුන්වන ස්ථානයේ ආර්ජන්ටිනාව පසුවේ.

Exit mobile version