Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උත්සව සමයේ වෙළෙඳපොල වැටලීම්වලින් වෙළෙදුන් 1500 කට නඩු – පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.

උත්සව සමයේ වැටලීම්වලදී බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන බවත් කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්‍ෂා කළ බවත් එම අධිකාරිය කීය.

වෙළෙඳපොල වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල්ද වැටලීම් හා විමර්ෂන සඳහා නිලධාරින් යොමු කරන බව කී පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම්ද යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රී කාලයේද අධිකාරියේ නිලධාරීන් රාජකාරි කරන බවද සඳහන් කළේය.

Exit mobile version