Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිල සාකච්ඡාවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ආරාධනාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ නිල සාකච්ඡාවකට එන්නැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ආරාධනාවක් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලිගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට වාර්තා පල වී තිබුණා.

ඒ පිළිබද නිවැරදි අවබෝධයක් ලබාගැනීම සදහා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරයයි. එය ක්‍රීඩා භාර අමාත්‍යවරයා ලෙස තමාද අනුමත කරන බවයි අමාත්‍යවරයා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

ක්‍රිකට් පමණක් නොව සියලු ලියාපදිංචි ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලන ස්වාධීන විය යුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇගිලිගැසීමක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කරනවා.

ඒ අනුව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙරටට පැමි‍නෙන ලෙසටයි ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබෙන්නේ.

Exit mobile version