Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන්තොටුපල හෝ ඒ අවට පරිශ්‍රයේ අක්‍රමිකතා සිදුකරන්නන්ට එරෙහිව දැඩි පියවර

වීසා ඉක්මවූ විදේශිකයන් 2,400ක්; දකුණු පළාතේ වෙළෙඳාම් සිදුකරන ඊශ්‍රායල ජාතිකයින්

වීසා ඉක්මවූ විදේශිකයන් 2,400ක්; දකුණු පළාතේ වෙළෙඳාම් සිදුකරන ඊශ්‍රායල ජාතිකයින්

කටුනායක ගුවන් තොටුපලින් මෙරටට ළගාවන සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි ලැබී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ආචාරශීලීව කටයුතු නොකරන සේවකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

සංචාරක සමය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහෙයින් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණෙමින් සිටින අතර ලොව බොහෝ ගුවන්තොටුපලවල පවතින ආචාරශීලී බව හා සුහදශීලී බව කටුනායක ගුවන් තොටුපලේ නොමැති බවට විදෙස් සංචාරකයින් චෝදනා කරනවා.

ගමන් මළු පටවන්නන්, ටැක්සි රියදුරන් හා තැරැවුකරුවන්ගේ විවිධ අක්‍රමිකතා පිළිබඳ ඔවුන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.

ගුවන්තොටුපල බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මෙවැනි අක්‍රමිකතාවල යෙදී හසුවන්නන්ට දැනට පනවා ඇති රුපියල් 25,000ක දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමටත් එවැනි පුද්ගලයින් කොටුකර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායමක් යෙදවීමටත් ආරක්ෂිත කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

ගුවන්තොටුපල හෝ ඒ අවට පරිශ්‍රයේ අක්‍රමිකතා සිදුකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේ.

Exit mobile version