Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමෙන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලෝක වාර්තාවක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමෙන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලෝක වාර්තාවක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමෙන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලෝක වාර්තාවක්

පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව ලෝක වාර්තාවක් පිහිටුවීය.

ඒ, (26) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ලකුණු 259ක ඉලක්කය හඹායමිනි.

දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 258ක් රැස් කළේය. හතරේ පහර 10කින් සහ හයේ පහර 11කින් සිය ඉනිම වර්ණවත් කරමින් ජොන්සන් චාල්ස් සිය පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ මංගල ශතකය රැස් කළේ පන්දු 46කිනි. රොමාරියෝ ෂේෆඩ් නොදැවී ලකුණු 41කි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සිය පළමු 20යි 20 හතරේ පහර 10කින් සහ හයේ පහර 11කින් වර්ණවත් විය. පන්දු 44කදී රැස් කළ එම ශතකයට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත්ය. රීසා හෙන්රික්ස් ලකුණු 68කි.

දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.

මීට පෙර පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් වාර්තාව බල්ගේරියාව හිමිකර ගත්තේය.

ඒ, සර්බියා කණ්ඩායම සමග පැවැති තරගයකදී ලකුණු 246ක ඉලක්කයක් හඹා යමින්ය.

Exit mobile version