Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡා

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාවට පියවර

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාවට පියවර

තුර්කියේ ශ්‍රි ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය සහ තුර්කියේ අන්කාරා වානිජ මණ්ඩලයේ සභාපති ගුසෙල් බරාන් (GürselBaran) මහතා අතර හමුවක් අන්කාරා වානිජ මණ්ඩල මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

දෙරට අතර වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා, ශ්‍රී ලංකාවේ පවතින අමුද්‍රව්‍ය තුර්කි සමාගම්වලට ලබා ගැනීමේ අවස්ථා, ආයෝජන ප්‍රවර්ධනය සහ ඵලදායි ආර්ථික සහයෝගිතාවය පිළිබඳව මෙහිදි සාකච්ඡාවට බඳුන් විය.

මිනිරන්, ඉල්මනයිට්, රූටයිල්, යනාදී ඉහළ වටිනාකමකින් යුත් සහ උසස් තත්ත්වයේ ඛනිජ වර්ග රාශියක් භාවිතා කිරීමට අමතරව පුනර්ජනනීය බලශක්තිය, සත්කාරක කර්මාන්තයේ අවස්ථා සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වූ අතර වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අයුරින් වෙළඳ පරිමාව, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා ආර්ථික සහයෝගීතාවය සඳහා විභව ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී පුළුල් ‍ලෙස සාකච්ඡා කෙරිණි.

දෙරට අතර සහයෝගිතාවය සඳහා නිශ්චිත අංශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට සහ ඒ අනුව තුර්කියේ ජනරජය පිහිටුවීමේ 100 වන සැමරුම සමරන මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට නියෝජිත පිරිසක් එවීමටද තීරණය විය.

Exit mobile version