Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය (23) නියම කර තිබේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ.ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දවස් 30ක කාලයකට අත්හිටුවා ඇත.

“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.

Exit mobile version