Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට – ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි

දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට - ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි

දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට - ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි

දේශීය ආදායම් පනත යළිත් සංශෝධන කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම සංශෝධන මගින් දේශීය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා අප්‍රේල් මස 01 වැනිදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී බදු අඩුකිරීම් ප්‍රතික්ෂේප කිරීම සහ එවැනි ගෙවීමක් බැහැර කිරීම දක්වා ඇති නිර්ණායකවලට අනුකූල නොවන්නේ වත්කම්වල පිරිවැය ලෙස සලකමිනි.

නමුත් නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් හෝ ඊට වැඩි මුදලක් 2023 අප්‍රේල් 01 වැනිදායින් පසු බැංකු පද්ධතියෙන් බැහැරව ගෙවීමක් කළහොත්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී අඩු කිරීමක් ලෙසත් ‘පිරිවැය’ කොටසක් ලෙසත් සැලකීමට නොහැකිවනු ඇති.

මෙය ශ්‍රී ලංකා රජය හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක්, බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් මගින් කරන ගෙවීම්වලට හෝ අමාත්‍යවරයා විසින් නියම කළ හැකි පුද්ගලයින් හෝ ගෙවීම්වලට අදාළ නොවේ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ හඳුන්වා දුන් දේශීය ආදායම් පනතේ සංශෝධනයන්ට අදාළව එම වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වූ ආයෝජන ආදායම් මත ලැබීම් සඳහා අදාළ බදු ගෙවීම් සිදුකර නොමැති සමාගම්වලට නව කෙටුම්පතින් සහනයක් ලබාදී තිබේ.

ඒ නව පනත ක්‍රියාත්මක වීමට පෙර අදාළ බදු මුදල් ගෙවීම් සිදුකරන්නේ නම් දඩ මුදල් හෝ පොලී ගෙවීම් වලින් නිදහස් කිරීමෙනි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව ලබන මස 01වැනිදා සිට මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Exit mobile version