Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙම වසරේ ගතවූ මාස දෙකට ඩෙංගු රෝගීන් 16,016ක්

ගතවූ මාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

ගතවූ මාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ගතවූ මාස දෙකයි දින 18කට ආසන්න කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16,016ක්.

පසුගිය වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 6,619ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,343ක්.

එසේම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ඩෙංගු රෝගීන් 2,816ක් මෙරටින් වාර්තා වී ඇති අතර, මෙම වසරේ පෙබරවාරි මාසයේ රෝගීන් 6,266ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෙර වසරට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දැක්වෙන්නේ.

මාර්තු මාසයේ ගතවූ දින 18කට ආසන්න කාලයට පමණක් ඩෙංගු රෝගීන් 2,407ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දින 31ටම මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 2,392ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේදී ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සඳහන් කළේ.

Exit mobile version